කෝටි ගණන් සල්ලි විනාශ කරපු කාබනික පොහොර වංචාව-නැනෝ පොහොර වංචාව කළෙත් මහනුවර කෙනෙක්! දැන් LRC ඉඩම්වලටත් බලපෑම් කරමින් ඒ ඉඩම් ගන්න යනවා! මේ හොරු අපි නීතිය හමුවට ගේනවා! නාවලපිටියටම ඇවිත් සජිත් මේ කියන්නේ කවුරු ගැනද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන් පිරිසක් සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් ඔහු සමඟ එක්වූහ.

පොදුජන පෙරමුණේ කතරගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩි වී ශාන්ත, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන එම් එච් ඉන්දික, චාන්දනි ගල්ලගේවත්ත, දිලිප් ගාමිණි, සනත් ජයසුන්දර, ලාල්රෝහණ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම වෙනුවෙන් එක්වූහ.