සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර රට සෞභාග්‍යය සම්පන්න දැහැමි ජන ප්‍රජාවක් නිර්මාණය කළ යුතු බවත් අද රටේ ඇත්තේ දහම් පාසල් තරගවලටත් අනුගහය ලබා දිය නොහැකි රාජ්‍ය පාලනයක් බවත් එය කණගාටුවට කරුණක් බවත් එම නිසා දහම් අධ්‍යාපනය සුරැකිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සැප් (12) දින කොළඹ දී පැවති සමගි ජන බලවේගයේ ජාතික සඟ සමුළුව අමතමිනි.

එමෙන්ම බුදුදහම සුරකිමින් අනිකුත් ආගම්වලට ද නිසි තැන ලබා දෙමින් කටයුතු කළ යුතු බවත්, පන්සල් තුළ රටට යහපත් සිදුවන දේවල් අඩපණ වී ආගමික සිද්ධස්ථාන වැසී යන නිසා ඒවා රැකගත යුතු බවත් කැපකරු මාපිය ක්‍රම, සූර්ය බලශක්ති ලබා දීම, සුහුරු අධ්‍යාපනය ලබා දීම සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.