හම්බන්තොට දිස්ත්‍රික්කයේ, අම්බලන්තොට මැදගම ගම්මිත්තාව ග්‍රාමයේ උපත ලබා, බැරගම කණිෂ්ඨ විද්‍යාලයේත්, අම්බලන්තොට ථේරපුත්ත ජාතික පාසලේත් අධ්‍යාපනය නිමවා ජපානයේ උසස් අධ්‍යාපනය නිම කරන ලදි.
ජපානයේදී උසස් අධ්‍යාපනය ලබා ආර්ථික සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ කථිකාචාර්යවරයෙක් වශයෙන් ජපනයේ විශ්වවිද්‍යාල කීපයක ආචාර්යවරයෙක් ලෙස කටයුතු කරනු ලබයි. මීට අමතරව ශ්‍රී ලංකා රජය නියෝජනය කරනු ලබන රාජ්යතාන්ත්රිකු ලෙස ජපානයේ ප්‍රාන්ත තානාපතිවරයෙක් වශයෙන් හා අවුරුදු විසි හතරක ව්‍යාපාර ක්ෂේත්රයේ ලෝකේ විවිධ රටවල් සමඟ සම්බන්ධව කරන කොන්සල්වරයකු ලෙසද සේවය කරනු ලබයි.
මා විසින් අරඹා ඇති සුනිල් ගමගේ පදනම හරහා නොමිලේ ජපන් භාෂාව සාර්ථකව අවසන් කරනු ලබන සිසුන්ට ජපානයේ රැකියා අවස්ථා ලබාදීම හා උසස් අධාපනය ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කර ඇත.