සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වූ විගස හම්බන්තොට ජනතාව වෙනුවෙන් එතුමා කළ මෙහෙවර ඉදිරියට ගෙන යාමටත්, අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට අපට උපදෙස් ලබාදී ඇතැයි  හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායක ආචාර්ය සුනිල් ගමගේ මහතා පවසා සිටියේය.

ඔහු මේ බව පවසා සිටියේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ජනාතාව දැනුවත් කිරීමේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පසුගියදා පැවැති රැස්වීමකදීය.

ආචාර්ය සුනිල් ගමගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ඉදිරි කාළයේදී අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට වඩා වැඩි යමක් තමන් මේ ප්‍රදේශයේ පාසල් ළමුන් සඳහා ඉටු කිරීමට මේ වන විටත් ජපානයේ ප්‍රාදේශිය ආණ්ඩු සමග සාකච්ඡා කර ඇති බවත් ඒවා ඉදිරි කාලවලදී ක්‍රියාත්මක කළ හැකි බවත් පවසා සිටියේය.

විශේෂයෙන් විහාරස්ථාන මුල්කර ගනිමින් දරුවන්ගේ පෙර පාසල් සංවර්ධනය කිරීම සඳහා විශාල අනුග්‍රහකයින් පිරිසක් මේ වනවිට දැයකත්වය සැපයීමට පෙරොන්දු වී ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

මෙම රැස්වීම සඳහා තිස්සමහාරාම සංවිධායක නිලමේ තෙන්නකෝන් මහතා එක්ව සිටි අතර, ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම රැස්වීමට සහභාගී වී සිටියහ.