හම්බන්තොට ජනතාව වෙනුවෙන් මට කළ හැකි විශාල මෙහෙයක් හා හැකියාවත් තිබෙනවා. එය ඉදිරියේදී සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වූ විගස එතුමා සමග ක්‍රියාත්මක කිරීමට මා මේ වෙනකොට සැලසුම් සකස් කර අවසන්. කෙසේ වෙතත් වලව ප්‍රදේශයේ ජීවත්වන කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් ඔවුන්ගේ ජීවන ශක්තිය දියුණු කිරීම සඳහා ස්වයං රැකියා වැඩපිළිවෙලක් මේ වනවිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
හම්බන්තොට දිසත්‍රික් සංවිධායක ආචාර්ය සුනිල් ගමගේ මහතා විසින් මේ බව පවසා සිටියේ වලව ප්‍රෙද්ශයේ සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පැවැති රැස්වීමකදීය.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මේවා පොරොන්දුවලට සීමා නොවන බවත් ඒ පිළිබඳව මා පසුගිය කාලයේ ජනතා නියෝජිතයින්ට වඩා වැඩි සේවයක් හම්බන්තොට ජනතාව වෙනුවෙන් කළ සේවය මේ ප්‍රදේශයේ ජනතාව දැනුවත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
මෙම රැස්වීම සඳහා තිස්සමහාරාම සංවිධායක නිලමේ තෙන්නකෝන් මහතා එක්ව සිටි අතර, ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම රැස්වීමට සහභාගී වී සිටියහ.
